විදේශිකයින්ට පහරදුන් දුම්රිය සේවකයින්ගේ වැඩ තහනම්

විදේශිකයින්ට පහරදුන් දුම්රිය සේවකයින්ගේ වැඩ තහනම්
නාවලපිටිය දුම්රිය ස්ථානයේදී විදේශිකයින් දෙදෙනෙකුට පහරදීමක් සිදුකර තිබෙනවා.
ඒ අනුව එම පහරදීම සම්බන්ධයෙන් දෙවැනි ශ්‍රේණියේ දුම්රිය ස්ථානාධිපතිවරුන් දෙදෙනෙකුගේ සහ දුම්රිය නියාමකවරයෙකුගේ වැඩතහනම් කළ බවයි දුම්රිය දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
මෙය සිදුවී ඇත්තේ කොළඹ සිට බදුල්ල දක්වා ධාවනය වූ අංක 5 පොඩිමැණිකේ දුම්රියේදීයි.
එංගලන්තයේ සිට පැමිණ ඇති සංචාරකයන් කණ්ඩායමක ආරෝල් හා හැරිසන් යන දෙදෙනා හට මෙලෙස පහර දී තිබෙනවා.
නාවලපිටිය දුම්රිය බලධාරීන් පවසන්නේ මොවුන් ඇල්ල දක්වා ගමන් කිරීම සඳහා දුම්රියට නැග තිබුණද ප්‍රවේශපත්‍ර රැගෙන තිබී ඇත්තේ එක් සංචාරකයෙකු පමණක් බවයි.
මොවුන් පළමු පන්තියේ ගමන් කිරීමේදී සිදු කළ ටිකට් පත් පරික්ෂාවේදී ප්‍රවේශපත්‍ර නොමැති බව දැක ඔවුන්ට දුම්රියෙන් බැසීමට පවසා තිබෙනවා. නමුත් එය ප්‍රතික්ෂේප කිරීම නිසා දුම්රිය නියාමක විසින් ඒ බව නාවලපිටිය දුම්රිය ස්ථානය වෙත දන්වා ඇති බව සඳහන්.
එහි සිටි සියලු සේවකයන් පැමිණ මෙම සංචාරකයන්ට පහරදී දුම්රියෙන් එළියට ඇද දමන අයුරු කිසිවෙකුරූගත කර ඇති අතර මේ පිළිබඳව නාවලපිටිය පොලිසිය වෙත දැන්වීමටයි කටයුතු කර ඇත්තේ.
ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් විසින් සංචාරකයන්ගේ ආරක්ෂාව සපයා ඊළඟ අංක 8 බදුල්ල දුම්රියෙන් ඔවුන් පිටත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.