අලී සබ්‍රිට මාසයක් පාර්ලිමේන්තුව තහනම්

අලී සබ්‍රි රහීම්ට මාසයක් පාර්ලිමේන්තුව තහනම් කරයි
පාර්ලිමේන්තු මන්ත්‍රී අලී සබ්‍රි රහීම් මහතාට මාසයක් පාර්ලිමේන්තුව අත්හිටුවීමට තීරණය කර ඇති බව කථානායකවරයා දැනුම් දී තිබෙනවා.
ආචාර්ය ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කමිටුවේ නිර්දේශයක් මත (06) දින සිට මාසයක කාලයක් සඳහා එම අත්හිටුවීම ක්‍රියාත්මක වන බව සඳහන්.
එමෙන්ම මෙවැනි ආකාරයේ ක්‍රියාකාරකම් මින් ඉදිරියට සිදුනොකරන ලෙසටද කථානායකවරයා විසින් අවවාද කර තිබෙනවා.
රත්‍රං තොගයක් සමග කටුනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගෙන පසුව ඔහු දඩ ගෙවා නිදහස ලබා තිබුණා.