හවුති ප්‍රහාරවලින් ගෝලීය ආර්ථිකය 42% කින් බිඳ වැටේ
රතු මුහුදේ හවුති ප්‍රහාරවලින් ගෝලීය ආර්ථිකය 42% කින් බිඳ වැටී ඇතැයි තක්සේරු කර තිබෙන බව එක්සත් ජාතීන්ගේ වෙළෙඳ හා සංවර්ධන සම්මේලනය ප්‍රකාශ කර තිබේ.
විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ රතු මුහුදේ භාණ්ඩ ප්‍රවාහන නෞකාවලට එල්ල වන හවුති කැරලිකරුවන්ගේ මිසයිල ප්‍රහාර හේතුවෙන් ලොව පුරා රටවල් රැසකට ආර්ථික බලපෑම් එල්ල වනු ඇති බවය. රතු මුහුදේ හවුති ප්‍රහාර හේතුවෙන් නැව් ගමනාගමනය අඩාළ වීම නිසා පසුගිය වසරේ අවසන් කාර්තුවේදී පමණක් ඉන්දීය අපනයන ආදායමෙන් අමෙරිකානු ඩොලර් බිලියන 62ක පාඩුවක් සිදු වී ඇති බව ඉන්දීය අපනයන සංවිධාන සම්මේලනය ප්‍රකාශ කර ඇතැයිද වාර්තා වේ මේ තත්ත්වය මත ඉදිරියේදී තවත් රටවල් රැසකට එම ඉරණම අත්වනු ඇතැයිද එම සම්මේලනය අනතුරු අඟවා ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.
හවුති කැරැලිකරුවන්ගේ ප්‍රහාර මැඬ පැවැත්වීම සඳහා මේ වසරේ ආරම්භයේ සිට අමෙරිකානු නාවික හමුදාව අවම වශයෙන් ඩොලර් මිලියන 280ක් වටිනා මිසයිල නාශක භාවිත කර ඇතැයිද, යේමනයේ හවුති කැරැලිකරුවන්ගේ ඉලක්ක වෙත මිසයිල ප්‍රහාර එල්ල කිරීම සඳහා ඩොලර් බිලියන 1.5ක පමණ මුදලක් වැය වී ඇතැයිද වැඩිදුරටත් වාර්තා වේ. රතු මුහුදේ හවුති ප්‍රහාර හේතුවෙන් බ්‍රිතාන්‍යයේ අපනයනකරුවන්ගෙන් 55%කට බලපෑම් එල්ල වී ඇති අතර, මේ තත්ත්වය මැඬ පැවැත්වීමට අසමත් වන්නේ නම් මේ වසරේදි බ්‍රිතාන්‍යයේ උද්ධමනය ඉහළ යෑමේ අවදානමක්ද මතු වී ඇතැයි එංගලන්ත බැංකුව වාර්තා කර තිබේ.