ග්‍රහලෝකාගාරය තාවකාලිකව වැසෙයි
ශ්‍රී ලංකා ග්‍රහලෝකාගාරය (26) සිට දින කිහිපයක් වසා දැමීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍යාංශය නිවේදනය කර ඇත.
ඒ අනුව (27) සිට මාර්තු මස 12වනදා දක්වා ග්‍රහලෝකාගාරය වසා දැමෙනු ඇත.
එම දිනවල මහජන ප්‍රදර්ශන කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බවද එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙයි.
ග්‍රහලෝකාගාරයේ ප්‍රක්ෂේපණ යන්ත්‍රවල අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ග්‍රහලෝකාගාරය දින කිහිපයකට වසා දැමීමට තීරණය කර ඇත.