ඇමෙරිකාවේ යෝජනාවට චීනයේ දැඩි විරෝධය

0
ඇමෙරිකා යෝජනාවට චීනයේ දැඩි විරෝධය

ඇමෙරිකා යෝජනාවට චීනයේ දැඩි විරෝධය

ගාසා තීරය තුළ සටන් විරාමයක් ක්‍රියාත්මක කළ යුතු බවට ඇමෙරිකාව ජගත් සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කළ යෝජනාවට චීනයේ දැඩි විරෝධය එල්ල වනවා.

ඇමෙරිකාවේ මෙම ක්‍රියාමාර්ගය ගාසා තීරය සම්බන්ධයෙන් ලෝකයට වැරදි පණිවිඩයක් ලබාදෙන බවයි චීනය පවසන්නේ. ගාසා තීරය තුළ ඊශ්‍රායලයට උවමනා පරිදි ඝාතනයන් සිදුකිරීමට මෙය පිටුවහලක් වන බවද ඔවුන් පෙන්වා දෙනවා.

ඇල්ජිරියාව පසුගිය අඟහරුවාදා (20) දිනයේ දී ගාසා තීරයේ යුද ගැටුම් අවසන් කළ යුතු බවට වන යෝජනාවක් ජගත් සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයට ඉදිරිපත් කළා.

එම යෝජනාවට ආරක්ෂක මණ්ඩලයේ සාමාජිකයින් 15 දෙනාගෙන් 13 දෙනෙකුගේ සහාය හිමිවුවද ඇමෙරිකාව නිශේධ බලය භාවිතා කරමින් එය පරාජයට පත්කරනු ලැබුවා.

එම යෝජනාව පරදා තම අභිමතය පරිදි සටන් විරාමයක් පමණක් ගෙන ඒමට ඇමෙරිකාව උත්සාහ කරනුයේ ඊශ්‍රායලයේ අවශ්‍යතාව මත බවයි චීනය පෙන්වා දෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com