ඊශ්‍රායල-පලස්තීන ගැටුම පිළිබඳ කඩිනම් සටන් විරාමයක් ජගත් මහ ලේකම් යළිත් ඉල්ලයි

0
මත්ද්‍රව්‍ය ජාවාරම් සපුරා තුරන් කිරීමට ජගත් මහලේකම්ගෙන් ඉල්ලීමක්

මත්ද්‍රව්‍ය ජාවාරම් සපුරා තුරන් කිරීමට ජගත් මහලේකම්ගෙන් ඉල්ලීමක්

ඊශ්‍රායල-පලස්තීන ගැටුම පිළිබඳ සටන් විරාමයකට කඩිනමින් එළඹෙන ලෙස එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් මහතා යළිත් ඉල්ලා සිටී. එම ගැටුම හටගෙන දින 100ක් සම්පූර්ණ වීම පිළිබඳ නිවේදනයක් 15වැනිදා නිකුත් කරමින් හෙතෙම ඒ බව පැවසීය.

හේතු විරහිතව රඳවාගෙන සිටින පුද්ගලයන් වහා නිදහස් කරන ලෙසද මහලේකම්වරයා සිය නිවේදනයෙන් ඉල්ලා සිටී. සැලසුම් සහගත අයුරින් සාමාන්‍ය ජනතාව ඝාතනය කිරීම හා පැහැර ගැනීම හෝ ඔවුන් ඉලක්ක කර රොකට් මිසයිල ප්‍රහාර එල්ල කිරීම වැනි ක්‍රියා කිසිසේත්ම සාධාරණීකරණය කළ නොහැකි බවද ඔහු අවධාරණය කළේය.

ඊශ්‍රායලය ගාසා තීරයට එල්ල කරන මෙම විශාල පරිමාණ විනාශකාරී ප්‍රහාර හා සාමාන්‍ය ජනතාව ඝාතනය කිරීම වැනි ක්‍රියා තමා ජගත් මහලේකම් ධුරය හෙබවූ කාලය තුළ මෙතෙක් කිසිදා නොදුටු බවද ගුටරෙස් මහතා සඳහන් කර ‍තිබේ.

එසේම, ගාසා තීරයේ තත්ත්වය හේතුවෙන් ලොවට එල්ලවන සෙසු අනිසි බලපෑම් පිළිබඳවද හෙතෙම සිය කණස්සල්ල පළ කර ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com