අනවසරයෙන් වැටවල්වලට විදුලි සැපයන පුද්ගලයන් පිළිබඳව කියන්න අංකයක්

අනවසර විදුලි රැහැන් යොදා වනඅලි ඝාතනයට එරෙහිව නීතිමය පියවර - විදුලිබල මණ්ඩලය
ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි සැපයුම වන අලින්ට අනතුරු කිරීම සඳහා අනවසරයෙන් වැටවල්වලට සහ රැහැන්වලට සම්බන්ධ කරන පුද්ගලයන් පිළිබඳව 1987 ක්‍ෂණික දුරකථන අංකයට දැනුම් දෙන ලෙස එම මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් පසුගිය වසරේ ඝාතනයට ලක්වූ වන අලි 474න් 50ක් පමණ විදුලි සැර වැදීමෙන් මරණයට පත්ව ඇති බවත් එම නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් විදුලිබල මණ්ඩලය මේ වන විටත් නීතිමය පියවර ගෙන ඇති බවත් විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක ඉංජිනේරු නොයෙල් ප්‍රියන්ත මහතා පැවසීය.