ජනාධිපති අරමුදලේ වෛද්‍යාධාර මුදල 100%ක් වැඩි කරයි

ජනාධිපති ශිෂ්‍යත්ව වැඩසටහනට අයදුම් කිරීමට අවස්ථාව
ජනාධිපති අරමුදල මගින් වෛද්‍යාධාර සඳහා ලබාදුන් මූල්‍යාධාරය සියයට සියයකින් ඉහළදැමීමට පියවර ගෙන තිබේ.
ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මෙම වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි මෙම තීරණය ගෙන ඇති බවය.
එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ මීට පෙර සඳහන් නොවූ රෝග කිහිපයක්ද ඊට ඇතුළත් කර ඇති බවය.
ඒ අනුව මාසික ආදායම ලක්ෂ 2කට අඩු පුද්ගලයින්ටද ජනාධිපති අරමුදල මගින් මාසිකව වෛද්‍යාධාර ලබාගත හැකිවන පරිදි සංශෝධන ඇතුළත් කර තිබේ.