යුද්ධයෙන් අවතැන් වූ ගාසා මවකට සිව් නිවුන් දරු උපතක්

යුද්ධයෙන් අවතැන් වූ ගාසා මවකට සිව් නිවුන් දරු උපතක්
යුද්ධයෙන් අවතැන් වූ ගාසා මවක් සිව් නිවුන් දරුවන් බිහි කර කරයි.
යුද්ධයෙන් විනාශ වූ පලස්තීන උතුරු ප්රදේශයේ පිහිටි ඇගේ නිවසින් සැතපුම් ගණනක් ඈතින් පිහිටි දකුණු ගාසා තීරයේ රෝහලක දීයි ඉමාන් අල්-මස්රි නමැති මෙම මව සිව් නිවුන් දරුවන් බිහි කර ඇත්තේ.
ඊශ්රායල-හමාස් යුද්ධයේ මුල් දින කිහිපය තුළ එම කාන්තාව ආරක්ෂාව පතා ඇගේ අනෙක් දරුවන් තිදෙනා සමඟ පාගමනින් බෙයිට් හනුන්හි නිවසින් පලා ගියා.
28 හැවිරිදි මෙම මව දෙසැම්බර් 18 වනදායි සිව් නිවුන් දරුවන් බිහි කළේ. ඒ සිසේරියන් සැත්කමක් මාර්ගයෙන්.