2022(2023)උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ අයදුම්කරුවන්ට විශ්ව විද්‍යාල අයදුම්පත් කැඳවයි

0
විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව

2023 නොවැම්බර් 24 දින නිකුත් කරන ලද 2022(2023)උසස් පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵල අනුව 2022(2023) අධ්‍යන වර්ෂය සඳහා විශ්ව විද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලද නව අයදුම්කරුවන්ගෙන් (22) සිට 29 දක්වා අන්තර් ජාලය ඔස්සේ අයදුම්පත් කැඳවා ඇතැයි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව පවසයි.

ඒ අනුව එම අයදුම්කරුවන් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නිල වෙබ් අඩවිය වන www.ugc.ac.lk වෙත පිවිස නිසි ලෙස අයදුම්පත් පුරවා ඉදිරිපත් කලයුතුය.

කෙසේ වෙතත් මෙම අවස්තාව විශ්ව විද්‍යාල, මණ්ඩප,හා උසස් අධ්‍යාපන ආයතන මගින් පවත්වා අවසන් කර ඇති යෝග්‍යතා පරීක්ෂණ පවතින අධ්‍යන පාඨමාලාව සඳහා අයදුම් කිරීමට අදාල නොවන බවද විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සඳහන් කරයි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com