2024 නව වසර ආරම්භ කිරීමට සිදුව ඇත්තේ ඖෂධ 300ක හිඟයකින් – සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය

රජයේ රෝහල්වල ඖෂධ 52 හිඟයක්

රජයේ රෝහල්වල ඖෂධ 52 හිඟයක්

වෛද්‍ය සැපයීම් අංශයේ දැනටමත් ඖෂධ 156ක පමණ හිඟයක් පවතින බව සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය පවසනවා.

එසේම, තවත් ඖෂධ 110ක තොග පවතින්නේ මාසයක පමණ කෙටි කාලයකට පමණක් බව පෙන්වා දෙන එම සංගමය වැඩි දුරටත් සඳහන් කර සිටියේ නව වසර ආරම්භ කිරීමට සිදුව ඇත්තේ ඖෂධ 300ක පමණ හිඟයක්ද සමග බවයි.

ඖෂධ වර්ග 86ක් රෝහල් ගබඩාවල පවා නොමැති බවද ඔවුන් චෝදනා කරනවා.

ඊට අමතරව, ව්‍යාජ ඉමියුනෝග්ලොබියුලින්වලට අදාළ සැපයුම්භාර නිලධාරියා රිමාන්ඩ් බන්ධනාගාර ගත කර මාසයකට අධික කාලයක් ගත වී ඇතත් මෙතෙක් ගබඩා අංක හයට සැපයුම් භාර ගැනීම සඳහා නිලධාරියෙකු පත් කර නොමැති බවද සඳහන්.

එම ගබඩාවට අදාළ ඉමියුනෝග්ලොබියුලින්, ප්‍රති සර්ප විශ එන්නත්, ඇල්බියුමින්, ඇනොක්සිපාරින් වැනි අති සංවේදී ඖෂධ මේ හේතුවෙන් දැඩි අර්බුදයකට ලක්ව ඇති බවයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *