ඉන්දීය ධීවරයන් 21 දෙනෙකු සමග ධීවර යාත්‍රා 04ක් නාවික හමුදාව භාරයට

මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 34කු නාවික හමුදා භාරයට
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කර්මාන්තයේ යෙදුණු ඉන්දීය ධීවරයන් 21 දෙනෙකු සමග ධීවර යාත්‍රා 04ක්ද නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙරට මුහුදු සීමාව තුළ අනවසර ධීවර කටයුතු සිදුකළ ඉන්දීය ධීවර යාත්‍රා මෙරට මුහුදු සීමාවෙන් ඔබ්බට පලවා හැරීම සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් (06)වැනි දා සිදු කරන ලද මෙහෙයුමකින් අදාළ යාත්‍රා සහ ධීවරයන් භාරයට ගෙන ඇති බවට වාර්තා වේ.
නාවික හමුදා භාරයට ගත් ඉන්දීය ධීවර යාත්‍රා සහ එහි සිටි ඉන්දීය ධීවරයන් තලෙයිමන්නාරම ජැටිය සහ කන්කසන්තුරය වරාය වෙත රැගෙන ගොස් ඇති අතර ඉදිරි නීතිමය කටයුතු සඳහා තලෙයිමන්නාරම සහ යාපනය ධීවර පරීක්ෂක කාර්යාල වෙත භාර දීමට නියමිතව ඇත.