රාජ්‍ය සේවය කාර්යක්ෂම කිරීම සඳහා මාර්ගෝපදේශ සැකසීමට අනු කමිටුවක්

0
රාජ්‍ය සේවක වැටුප් සංශෝධනයට කැබ්නට් අනුමැතිය

රාජ්‍ය සේවක වැටුප් සංශෝධනයට කැබ්නට් අනුමැතිය

ශ්‍රී ලංකාවේ රාජ්‍ය සේවය කාර්යක්ෂම සහ මිත්‍රශීලී සේවයක් බවට පත් කිරීම සඳහා මාර්ගෝපදේශ යෝජනාවලියක් සකස් කිරීම සඳහා විවෘත සහ වගකිවයුතු රජයක් පිලිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අනු කමිටුවක් පත් කොට තිබේ.

මෙම පාර්ලිමේන්තු අනු කමිටුව නීතිඥ උදයන කිරිඳිගොඩ මහතාගේ සභාපතීත්වය යටතේ ජනාධිපති නීතිඥ ජයන්ත වීරසිංහ, ජේ. සී. අලවතුවල, ගරු මොහොමඩ් මුසාමිල්, චමින්ද විජේසිරි, සංජීව එදිරිමාන්න සහ ගුණතිලක රාජපක්ෂ යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සහ විද්වත් සාමාජිකයන් 14 දෙනෙක් ගෙන් සමන්විත වේ.

කොළඹ විශ්ව විද්‍යාලයේ උපකුලපති ජේෂ්ඨ මහාචාර්ය එච්.ඩී. කරුණාරත්න, කොළඹ විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍ය අධ්‍යනාංශයේ මහාචාර්ය ප්‍රියංග දුණුසිංහ, ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර ආර්ථික විද්‍යා අධ්‍යනාංශ ප්‍රධානී ආචාර්ය ජානක ප්‍රනාන්දු, කැපිටල් මහරාජා සමූහයේ අධ්‍යක්ෂ අශෝක ඩයස්, පැෆරල් සංවිධානයේ සභාපති රෝහණ හෙට්ටිආරච්චි, සර්වෝදය ශමදාන ව්‍යාපාරයේ සභාපති වෛද්‍ය වින්‍යා ආරියරත්න, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජේෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග, මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක, ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ සහ මැතිවරණ අධ්‍යයන ආයතනයේ (IRES) විධායක අධ්‍යක්ෂ මංජුල ගජනායක, අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ ලේකම් වසන්තා පෙරේරා, රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එන් රංජිත් අශෝක, මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් වියානි ගුණතිලක, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනුෂ පැල්පිට, සහ ආංශික අධීක්ෂණ කාරකසභා සභාපතිවරයාගේ උපදේශක ආචාර්ය කේ.ඒ. තිලකරත්න යන මහත්ම මහත්මීහු මෙම විද්වත් කමිටුවේ සාමාජිකයන් වේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com