තැපැල් කන්තෝරු 10ක් විකුණා දැමීමට යයි – ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ

වෙන්දේසි කිරිමේ සුදානමින් තැපැල් කන්තෝරු 10ක් - ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණ
මහනුවර හා නුවරඑළිය තැපැල් කාර්යාල දෙක පමණක් නොව රට පුරා පිහිටි වාණිජ වටිනාකමින් සමන්විත තැපැල් කාර්යාල දහයකට අධික සංඛ්‍යාවක් පෞද්ගලික සමාගම්වලට විකිණීමට සූදානම් කර තිබෙන බව ඒකාබද්ධ තැපැල් වෘත්තීය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු සම්පත් ශ්‍රී ලියනගේ මහතා පවසනවා.
ඒ අනුව කොළඹ ප්‍රධාන තැපැල් කාර්යාලය, මාතර, කුරුණෑගල, බත්තරමුල්ල, කොම්පඤ්ඤවීදිය අනුරාධපුර, දෙහිවල ආදී ඓතිහාසික ගොඩනැඟිලිවල ස්ථාපිත තැපැල් කාර්යාල මෙන්ම වාණිජ වශයෙන් වටිනා තැපැල් කාර්යාල ගොඩනැඟිලිද විකුණන ලැයිස්තුවේ තිබෙන බව ඒ මහතා සඳහන් කරනවා.