නීති විරෝධී ලෙස කුවේට්හි රැදි සිටි ලාංකිකයින් 26 දෙනෙකු යලි දිවයිනට

නීතිවිරෝධිව කුවේට්හි සිටි ලාංකිකයින් 26 දෙනෙකු දිවයිනට
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් නීතිවිරෝධිව එරට රැදී සිටි ශ්‍රි ලාංකිකයින් 26 දෙනෙකු (08) දිවයිනට ගෙන්වා ගත් බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
ශ්‍රි ලංකන් ගුවන් සේවයට අයත් UL 230 දරණ ගුවන් යානයෙන් ඔවුන් පැමිණ ඇත.
මොවුන් සියලු දෙනාම ගෘහ සේවිකාවන් වශයෙන් රැකියාව සඳහා කුවේටයට ගොස් ඇති පිරිසකි. වලංගු වීසා කාලය ඉක්මවා කුවේටයේ රැදී සිටීම, සේවා ස්ථානයෙන් පැනගොස් වෙනත් ස්ථානවල සේවය කිරීම වැනි හේතු මත දිවයිනට පැමිණීමට නොහැකිව සිට ඇත.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලීය නිලධාරීන් විසින් කුවේට් රාජ්‍යයේ ආගමන විගමන දෙපාර්තමේන්තුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, අධිකරණය සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය සමග සම්බන්ධීකරණය කර මෙම කාන්තාවන්ට එරෙහි ව පැවති නඩු ඉවත් කරවාගෙන, ඔවුන් ගෙවිය යුතු දඩ මුදල් අහෝසි කර ගැනීමට කටයුතු කර තිබේ.