සහල් වැඩි මිලට අලෙවි කිරිම සම්බන්ධව දිවයින පුරා වැටලීම්

රජයේ පාලන මිලටම සහල් නිකුත් කිරිමට තීරණයක්
2278/02 දරණ ගැසට් නිවේදනයට අනුව සහල් සඳහා උපරිම සිල්ලර මිලක් නියම කර තිබේ. ඒ අනුව කීරි සම්බා කිලෝවක් රුපියල් 260ක්, සම්බා කිලෝවක් රුපියල් 230ක්, නාඩු කිලෝවක් රුපියල් 220ක් සහ රතු කැකුලු කිලෝවක් රු.210ක් ලෙස මිල නියම කර ඇත.
මේ අනුව සහල් වැඩි මිලට අලෙවි කිරිම සම්බන්ධව දිවයින පුරා වැටලීම් අඛණ්ඩව සිදුකරන බවට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කරයි.