ජාතික උද්ධමනය 0.8% කින් පහලට

ජාතික උද්ධමනය කැපීපෙනෙන ලෙස පහළට

ජාතික උද්ධමනය කැපීපෙනෙන ලෙස පහළට

ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව 2023 සැප්තැම්බර් මාසයේ ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය වාර්ෂික පදනම මත 0.8% ක් බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දොපර්තමේන්තුව පවසයි. උද්ධමන අගය දශම ගණනක අගයයක් දක්වා පහත වැටී තිබීම විශේෂ කරුණකි.

2023 අගෝස්තු මාසයේ මෙරට ලක්ෂ්‍යමය මතුපිට උද්ධමනය 2.1%ක් ලෙසින් වාර්තා වී තිබුණි.

ආහාර කාණ්ඩයේ උද්ධමනය 2023 සැප්තැම්බර් මාසයේ -5.2% ක් ලෙසින් සටහන් වී ඇති අතර එය 2023 අගෝස්තු මාසයේ දී වාර්තා වී ඇති -5.4%ක් වූ ආහාර උද්ධමන වටිනාකම හා සැසඳීමේ දී සුළු ඉහළ යාමකි.

මේ අතර ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 2023 අගෝස්තු මාසයේ දී වාර්තා වූ 9.0% සිට 2023 සැප්තැම්බර් මාසයේ දී 5.9%ක් දක්වා පහළ ගොස් තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *