අ. ඩො බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීන එක්සිම් බැංකුවේ එකඟ වෙයි

0
අ. ඩො බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීන එක්සිම් බැංකුවේ එකඟතාව

අ. ඩො බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යුහගත කිරීමට චීන එක්සිම් බැංකුවේ එකඟතාව

අමෙරිකානු ඩොලර් බිලියන 4.2ක ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා චීන එක්සිම් බැංකුව එකඟ වී ඇති බව මුදල් අමාත්‍යාංශය පවසයි.

මෙම එකඟතාවන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ලබාදීමට නියමිත ඩොලර් මිලියන 334ක දෙවන වාරිකය ලබා ගැනීම වෙනුවෙන් දායකත්වයක් සපයනු ඇති බවට මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

එසේම ඉදිරි සති කිහිපය තුල ණය ප්‍රතිව්‍යූහගතකරණය සම්බන්ධයෙන් චීන එක්සිම් බැංකුව සමග සාකච්ඡා සිදුකරන බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් නිවේදනය කර ඇත.

එය මෙරට දිගුකාලීන ණය තිරසරභාවය ප්‍රතිෂ්ඨාපනය කිරීම සඳහා මෙන්ම ආර්ථික ප්‍රකෘතිමත්භාවය කඩිනම් කිරීමටද ඉවහල් වනු ඇත.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com