රජයේ රෝහල්වල පියයුරු සායන 30ක් අලුතින් ආරම්භ කරයි
පියයුරු පිළිකා වැළඳීමට පෙර හඳුනා ගැනීමේ අවස්ථාව පුළුල් කරමින් දිවයිනම ආවරණය වන පරිදි රජයේ රෝහල්වල පියයුරු සායන 30ක් අලුතින් ආරම්භ කළ බවට ප්‍රජා වෛද්‍ය විශේෂඥ හසරැලි ප්‍රනාන්දු මහත්මිය ප්‍රකාශ කර ඇත.
එමෙන්ම පිළිකා රෝග පිළිබඳ විශේෂඥ ශල්‍ය වෛද්‍යවරුන් යටතේ අදාළ සායන පැවැත්වීමට පියවර ගෙන ඇත.
සුවනාරී සායන සහ පිළිකා කළින් හඳුනා ගැනීමේ මධ්‍යස්ථානවලට අමතරව මෙම සායන පැවැත්වීම විශේෂත්වයක්.
පියයුරු පිළිකා වැළඳීම වළක්වා ගත නොහැකි වුවත් කලින් හඳුනා ගැනීමෙන් පියයුරු පිළිකා සම්පූර්ණයෙන්ම සුව කළ හැකි බවද වෛද්‍යවරිය සඳහන් කරයි.
ඊට අදාළ නිවේදනය පහතින්.