රජයේ නිලධාරින් විශාල පිරිසකගේ කෝටි ගණනක් පිරමීඩ ගනුදෙනුවට හසුවෙලා – මහ බැංකුව

0
නීතිවිරෝධි මූල්‍ය යෝජනා ක්‍රම සම්බන්ධව මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක්

නීතිවිරෝධි මූල්‍ය යෝජනා ක්‍රම සම්බන්ධව මහ බැංකුව විසින් විශේෂ නිවේදනයක්

නීති විරෝධී මූල්‍ය ආයතන, පිරමීඩ යෝජනා ක්‍රමවල රජයේ නිලධාරින් විශාල පිරිසක් රුපියල් කෝටි ගණනක මුදලක් ආයෝජනය කර ඇති බවත් එලෙස මුදල් ආයෝජනය කර තිබෙන පුද්ගලයන් අතර පොලිස් නිලධාරින් රැසක්ද සිටින බවත් ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය පවසයි.

එමෙන්ම මෙසේ පිරමීඩ ජාවාරමේ මුදල් ආයෝජනය කළ රාජ්‍ය නිලධාරින් අතර විදුහල්පතිවරු, වෛද්‍යවරු, ගුරුවරු, ගණකාධිකාරිවරු, අමාත්‍යාංශවල ඉහළ තනතුරු දරන නිලධාරින්ද උපකාරක පන්ති ගුරුවරුන් මෙන්ම ස්වාමීන් වහන්සේලා පිරිසක්ද සිටින බව එම අනාවරණයේ සඳහන් වී ඇත.

මේ අතර, නීති විරෝධී පිරමීඩ යෝජනා ක්‍රමවලට ජනතාව පොළඹවන අයට එරෙහිව අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ නීතිය ක්‍රියාත්මක කළ හැකි බවත් එය නීතිමය වශයෙන් ඇප දිය නොහැකි වරදක් බවත් එවන් පුද්ගලයන් වරෙන්තුවක් නොමැතිව අත්අඩංගුවට ගැනීමට හැකියාව ඇති බවත් ශ්‍රී ලංකා මහ බැංකු මේ වනවිටත් දැනුම් දී තිබේ.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com