කිසිදු බද්දක් රහිතව එක්සත් රාජධානිය වෙත අපනයනය කිරීමට දේශීය ව්‍යවසායකයන්ට අවස්ථාව

0
2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා අපනයන ආදායම ඇ.ඩො.බි 15.77ක්

2025 ජනවාරි සිට නොවැම්බර් දක්වා අපනයන ආදායම ඇ.ඩො.බි 15.77ක්

භාණ්ඩ 7000කට වැඩි ප්‍රමාණයක් කිසිදු බද්දක් රහිතව එක්සත් රාජධානිය වෙත අපනයනය කිරීමට දේශීය ව්‍යවසායකයන්ට අවස්ථාව හිමි වන බව වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

එක්සත් රාජධානියේ නව ජීඑස්පී වෙළෙඳ යෝජනා ක්‍රමය (New UK GSP Scheme) “Developing Countries Trading Scheme (DCTS)” හරහා එම අවස්ථාව හිමිවන බවයි අමාත්‍යවරයා පවසන්නේ.

තීන්ත හා ටයිල් කර්මාන්ත ආශ්‍රිත නිෂ්පාදන සමාගම්හි විධායක නිළධාරීන් සමග ඉදිකිරීම් ක්ෂේත්‍රය ආශ්‍රිත කර්මාන්තයන් නැවත යථා තත්ත්වයට පත් කිරීම වෙනුවෙන් වෙළෙඳ අමාත්‍යාංශයේදී (12) පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබෙනවා.

එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කර ඇත්තේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු ආනයනික භාණ්ඩ මිල ගණන් ඩොලරයේ වෙනස්වීමට සාපේක්ෂව සැළකිය යුතු අන්දමින් පහළ ගියද දේශීය නිෂ්පාදන කර්මාන්තයන්හි මිල ගණන් අඩු නොවීම ගැටලුවක් බවයි.

රජය මගින් දේශීය නිෂ්පාදකයින් දිරිමත් කිරීම වෙනුවෙන් ආනයනයන් සීමා කළද, ඉන් අයුතු ප්‍රයෝජන ගෙන අනවශ්‍ය ලෙස විශාල ලාභ ලබා ගැනීමට හෝ පසුගිය අර්බුද සමයේ ලැබූ අලාභ පාරිභෝගිකයා අපහසුතාවයට පත් කරමින් යළි පියවා ගැනීමට උත්සහ නොදැරිය යුතු බව නලීන් ප්‍රනාන්දු අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.

ඉදිරි වසර 5ක කාළය තුළ රජය මහා පරිමාණයේ ඉදිකිරීම් ආශ්‍රිත ව්‍යාපෘති දියත් නොකරන බව එහිදී ප්‍රකාශ කර ඇති අමාත්‍යවරයා පවතින ආර්ථික තත්ත්වය යටතේ නිසි ප්‍රයෝජනයක් නොමැති එවැනි ව්‍යාපෘති කිහිපයක් කැබිනට් මණ්ඩලයේ අනුමැතිය මත නවතා දැමූ බවයි පෙන්වා දී ඇත්තේ.

ඒ අනුව සාමාන්‍ය ජනතාව ඉලක්ක කර ගනිමින් නව තාක්ෂණික ක්‍රමවේදයන් ඔස්සේ, අඩු පිරිවැය සහිත අමුද්‍රව්‍ය තුළින් සිදු කරන ඉදිකිරීම් ඉහළ දැමීමට ඉදිකිරීම් ක්ෂේත්‍රය යොමු විය යුතු බව වෙළෙඳ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබෙනවා.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com