ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ලංකාවත්

ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ලංකාවත්
මෙරට ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හේතුවෙන් ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාවද ඇතුලත් කර ඇති බව Yahoo Finance වෙබ් අඩවිය පෙන්වා දී තිබෙනවා.
ඔවුන් පෙන්වා දෙන්නේ මැදි ආදායම් ලබන රටක් ලෙස ශ්‍රී ලංකාව හඳුන්වා දුන්නද ආසියාවේ දුප්පත්ම රටවල් 20 අතරට ශ්‍රී ලංකාව ඇතුළත් වී ඇති බවයි. මෙම ශ්‍රේණිගත කිරීමේදී 2021 වසරේ ඒක පුද්ගල දළ දේශීය නිෂ්පාදිතය මත පදනම්ව සිදුකර තිබෙනවා.