දේශපාලන බලපෑම් පිළිබඳව සොයා බැලීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට පැමිණෙයි

දේශපාලන බලපෑම් පිළිබඳව සොයා බැලීම සඳහා ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ශ්‍රී ලංකාවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට එල්ල වී ඇතැයි කියන දේශපාලන බලපෑම් පිළිබඳව සොයා බැලීම සඳහා මෙරටට පැමිණි ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ උප සභාපති ඉම්රාන් කවාජා මහතා (10) ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන් සහ ජනාධිපති කාර්ය සහ ජේෂ්ඨ ආරක්ෂක උපදේශක සාගල රත්නායක මහතා හමුවිය.
ඉම්රාන් කවාජා මහතා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විධායක සභාව හමු වීමටද නියමිතය.
ඉම්රාන් කවාජා මහතා ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාද හමුවීමට නියමිත බවත් ඒ මහතා ශ්‍රී ලංකාවට පැමිණෙන බව මේ මස 8වැනිදා ක්‍රීඩා අමාත්‍යවරයා දැනුවත් කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසයි.