නවක වෛද්‍යවරුන් 1320 දෙනෙකුට රජයේ නව පත්වීම්

වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස වෙනස් කිරීමට කැබිනට් අනුමැතිය
නවක වෛද්‍යවරුන් 1320 දෙනෙකුට රජයේ නව පත්වීම් ලබාදීමට නියමිතය බවත්, ලබන 25 වනදා සිට එම පත්වීම් ක්‍රියාත්මක බවටත් සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි. ඒ අනුව මෙරට සිටින වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව විසිදහස ඉක්මවා යයි.
නවක වෛද්‍යවරුන් දිවයින පුරා ඇති රෝහල්වලට අනුයුක්ත කර තිබේ. එමෙන්ම වෛද්‍යවරුන් වැඩි පිරිසක් දුෂ්කර ප්‍රදේශවල රෝහල් කරා යොමු කිරිම ද පියවර ගෙන ඇත.
මේ අතර වෛද්‍ය විද්‍යාල සදහා වාර්ෂිකව ඇතුළත් කර ගන්නා සිසුන් සංඛ්‍යාව 1500ත් 1800ත් අතර වේ. එය පන්දහස දක්වා ඉහළ නැංවීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී ඇති බවට සෞඛ්‍ය අමාත්‍යාංශය සදහන් කරයි.