අමෙරිකාවේ රහසිගත තොරතුරු රැසක් හෙළිවීම පිළිබඳ විමර්ශන

අමෙරිකාවේ රහසිගත තොරතුරු රැසක් හෙළිවීම පිළිබඳ විමර්ශන
අමෙරිකාවේ රහසිගත තොරතුරු රැසක් හෙළිවීම පිළිබඳ පරීක්ෂණ අරම්භ කර තිබේ.
විදෙස් මාධ්‍ය පෙන්වා දෙන්නේ, ඉතා වැදගත් බුද්ධි ලේඛන කිහිපයක් මෙලෙස පිට වී ඇති බවයි. යුක්‍රේනයේ ගුවන් ආරක්ෂණය පිළිබඳ මෙන්ම ඊශ්‍රායල ඔත්තු ඒජන්සිය පිළිබඳ අමෙරිකානු තොරතුරු රැසක්ද ඊට ඇතුළත්ය.
අමෙරිකානු බුද්ධි අංශ සැක පළ කරන්නේ, අමෙරිකානු ජාතිකයෙක් විසින්ම මෙය සිදු කරන්නට ඇති බවයි. එමෙන්ම තවත් ආකාරයකින් මෙය රුසියාව විසින් සිදු කර ඇත්දැයි සෙවීම සඳහාද විමර්ශන ආරම්භ කර තිබේ.
ලේඛන, වීඩියෝ පට, ඡායාරූප ඇතුළුව රාජතාන්ත්‍රික තොරතුරු ලක්ෂ 7කට වැඩි ප්‍රමාණයක් අනාවරණය වී තිබේ.