මියන්මාරයේ දේශපාලන පක්ෂ 40ක් විසුරුවා හරීයි

0
මියන්මාරයේ දේශපාලන පක්ෂ 40ක් විසුරුවා හරීයි

මියන්මාරයේ දේශපාලන පක්ෂ 40ක් විසුරුවා හරීයි

නව මැතිවරණ නීතිය යටතේ නියමිත කාලසීමාව ඇතුළත නැවත ලියාපදිංචි වීමට අසමත් වූ බව කියමින් මියන්මාරයේ දේශපාලන පක්ෂ 40ක් විසුරුවා හැරීමට එරට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

මියන්මාර හමුදා රජය යටතේ ඇති මැතිවරණ කොමිසම තහනම් කළ දේශපාලන පක්ෂ අතර බලයෙන් පහ කළ අවුන් සාන් සුකීගේ ප්‍රජාතන්ත්‍රවාදී ජනතා ලීගය ද ඇතැයි වැඩිදුරටත් වාර්තා වේ.

නව මැතිවරණ නීතිය යටතේ මියන්මාරයේ දේශපාලන පක්ෂ යළි ලියාපදිංචි විය යුතු බව පසුගිය ජනවාරි මාසයේදී එරට මැතිවරණ කොමිසම නිවේදනය කර තිබූ අතර, ඒ සඳහා මාස දෙකක කාලයක් ලබා දී තිබිණි. එහෙත් එම නීතිය සාධාරණ නොවන බවට දේශපාලන පක්ෂ රැසක් විරෝධතාව පළ කර තිබූ අතර, නීත්‍යනුකූල නොවන මැතිවරණයකට තරග නොකරන බව සුකීගේ පක්ෂය ප්‍රකාශ කර තිබිණි.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

You may have missed

WP2Social Auto Publish Powered By : XYZScripts.com