කේරළ ගංජා Kg165ක් යාපනය මාදගල් වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයා ගැනේ

නීති විරෝධී ධීවර කටයුතුවල නිරතවූ පුද්ගලයින් 78කු නාවික හමුදාව භාරයට
යාපනය මාදගල් වෙරළ තීරයට ගොඩගසා තිබූ කේරළ ගංජා කිලෝග්‍රෑම් 165ක් නාවික හමුදාව මගින් සොයාගෙන තිබෙනවා.
රුපියල් මිලියන 50කට වඩා වටිනා මෙම කේරළ ගංජා තොගය දමා සැකකරුවන් පළා යන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.
නාවික හමුදා නිලධාරීන් වෙරළ ප්‍රදේශයේ පාමුර සංචාර සෝදිසියකදී සොයා ගත් පාර්සල් 71ක මෙම කේරළ ගංජා අසුරා තිබුණා.
ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ මෙම කේරළ ගංජා නාවික හමුදා නිලධාරීන් දැක ජාවාරම්කරුවන් පළා යන්නට ඇති බවටයි විශ්වාස කෙරෙන්නේ.