අගමැති නෙතන්යාහුට එරෙහිව ඊශ්‍රායලයේ පැවති විරෝධතා දරුණු අතර පත්වෙමින් පවති
සති 12ක සිට ඊශ්‍රායලයේ පැවති විරෝධතා සහ වැඩ වර්ජන දරුණු මුහුණුවරක් ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊශ්‍රායලයේ ප්‍රධාන වෘත්තීය සමිති මහා වැඩ වර්ජනයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව, එරට වරාය සහ ගුවන්තොටුපොළ සේවකයින්, හෙදියන් ඇතුළු තවත් වෘත්තිකයින් රැසක් ඊට සහය පළ කරමින් සේවයෙන් ඉවත් වී ඇති බවයි.
එරට අග්‍රමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු ඉදිරිපත් කර ඇති අධිකරණ ප්‍රතිසංස්කරණවලට එරෙහි මෙම විරෝධතා මීට මාස තුනකට පමණ පෙර ආරම්භ විය.
පෙරේදා එරට ආරක්ෂක අමාත්‍ය, යොඇව් ගලාන්ට් මහතා ප්‍රසිද්ධියේ මෙම ප්‍රතිසංසකරණවලට සිය විරුද්ධත්වය පළ කළේය.
නමුත් බෙන්ජමින් නෙතන්යාහු අග්‍රමාත්‍යවරයා එම ප්‍රකාශය සිදුකළ ආරක්ෂක අමාත්‍යවරයාව සිය ධුරයෙන් නෙරපා දැමීමත් සමග ඊශ්‍රායලයේ පැවති විරෝධතා දරුණු මුහුණුවරක් ගෙන තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, ඊශ්‍රායල වැසියන් දහස් ගණනක් එරට ටෙල් අවීව් නගරයට රැස් වී ඇති බවයි.
අමෙරිකාවේ පිහිටි ඊශ්‍රායල තානාපති කාර්යාලයද විරෝධතා සහ වැඩ වර්ජන වලට සහය පළ කරමින් සේවයෙන් ඉවත්වී තිබේ.