ඉරානය සහ සවුදි අරාබිය යළි රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට යයි

ඉරානය සහ සවුදි අරාබිය රාජ්‍ය තාන්ත්‍රික සබඳතා යළි ආරම්භ කිරීමට ගිවිසුමකට
කලාපීය ප්‍රතිවාදීන් වන ඉරානය සහ සවුදි අරාබිය දෙරට අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට ගිවිසුමකට එළඹ තිබේ. ඒ අනුව මාස දෙකක් ඇතුළත දෙරටේම තානාපති කාර්යාල නැවත විවෘත වනු ඇත.
බීජිං නුවර චීන මැදිහත්වීම මත සිදු කරන ලද සාකච්ඡාවලින් පසු රටවල් දෙක මෙම එකගතාවට එළඹ තිබේ.
චීන ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්ත්‍රික වැන්ග් යීගේ මැදිහත්වීම මත ඉරාන රජයේ ආරක්ෂක කවුන්සිලයේ ලේකම් අලි ෂම්කානි සහ සවුදි ආරක්ෂක උපදේශක මොහොමඩ් අල් අයිබාන් මෙම ගිවිසුමට අත්සන් කරන ලදී.
මෙහිදී ඉරානය සහ සවුදි අරාබිය දෙපාර්ශ්වයම අවංකභාවයෙන් යුතුව කටයුතු කළ බව චීනය සඳහන් කරයි.