කුඹුරු ඉඩම් ගොඩ කිරීමට අවසර ලබාදීම තාවකාලිකව අත්හිටුවන ලෙස කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දී තිබෙනවා.
(07) පාර්ලිමේන්තුවේ පැවති කෘෂිකර්ම පිළිබඳ උපදේශක කාරක සභාවේදී මන්ත්‍රීවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුවයි අමාත්‍යවරයා මෙම උපදෙස් ලබා දී තිබෙන්නේ. දිවයිනේ විවිධ ප්‍රදේශවල විශාල වශයෙන් කුඹුරු ගොඩ කෙරෙමින් පවතින බවට මන්ත්‍රීවරුන් පෙන්වා දී තිබෙනවා.
ඊට ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ ඇතැම් නිලධාරීන් සහාය පළ කරන බවද ඔවුන් පැවසු බවයි කෘෂිකර්ම අමාත්‍යාංශය පවසන්නේ. ඒ අනුව කුඹුරු ගොඩකිරීම පිළිබඳ අධ්‍යනයක් සිදු කර වාර්තාව ලබා ගන්නා තෙක් මෙම තහනම ක්‍රියාත්මක වනු ඇති.
කෙසේ වෙතත් සෝජාන් ක්‍රමය වැනි වගා කටයුතු සඳහා මෙම අදාළ නොවන බවද අමාත්‍යවරයා පවසනවා.
About The Author
Related

දිවයිනේ දිස්ත්‍රික්ක 8ක සියලුම පුරන් කුඹුරු මහ කන්නයේ වගා කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි. අනුරාධපුර, පොලොන්නරුව, මොණරාගල, අම්පාර, හම්බන්තොට, මඩකලපුව, කිළිනොච්චි හා ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල සියලුම පුරන් කුඹුරු මෙලෙස වගා කරන බව කෘෂිකර්ම අමාත්‍යාංශය කියයි. මෙම දිස්ත්‍රික්ක 08හි අක්කර 21,200ක් පුරන් කුඹුරු පැවැති අතර ඒවා සියල්ලම ලබන මහ කන්නයේ දී…
In "දේශීය පුවත්"

කුඹුරු ඉඩම් ගොඩ කිරීම සඳහා මින් ඉදිරියට කිසිදු අවසරයක් නොදෙන ලෙස කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.
In "දේශීය පුවත්"

2023 වර්ෂය තුළ මෙරට පුරන් කුඹුරුවලින් අක්කර 11,000ක් වගා කිරීමට ඉළක්ක කර ඇතැයිද, අඩු තරමින් මෙම ඉළක්කයෙන් අක්කර 6051ක් මෙම වසර තුළ වගා කිරීමට හැකි වනු ඇති බවත් ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසයි. ඒ අනුව බස්නාහිර පළාත තුළ අක්කර 1075ක්, මධ්‍යම පළාත අක්කර 682, දකුණු පළාත අක්කර 1700ක්, උතුරු පළාතේ අක්කර…
In "දේශීය පුවත්"