18 වංගුව ආශ්‍රිත ප්‍රදේශයේ (පැරග්ලයිඩිං) පැරෂුට් අත්දැකිම් ලබා ගැනිම සදහා ව්‍යාපෘතියක්

18 වංගුව ආශ්‍රිත ප්‍රදේශයේ (පැරග්ලයිඩිං) පැරෂුට් අත්දැකිම් ලබා ගැනිම සදහා ව්‍යාපෘතියක්
මෙරටට පැමිණෙන සංචාරකයන්ට විෂ්මිත අත්දැකිමක් ලබාදෙමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය සදහා 18 වංගුව ආශ්‍රිත ප්‍රදේශයේ විශේෂ ව්‍යාපෘතියක් ආරම්භ කර තිබෙනවා.
කුරුල්ලෙකු සේ පියාසර කිරිමේ අත්දැකිම් ලබා ගැනිම සදහා ශ්‍රී ලංකා පැරග්ලයිඩිං මේ වන විට ආරම්භ වී තිබෙනවා.
මෙරට සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය මෙන්ම ආදායම් ඉහළ නංවා ගැනිමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මකයි.
මෙරටට පැමිණෙන සංචාරකයන් වෙනුවෙන් ලංකාවේ ස්වාභාවික සෞන්දර්යයේ විෂ්මිත අත්දැකිමක් ලබා දෙමින් 18 වංගුවේ කදු ප්‍රදේශයේ සිට පහළට පැණිමේ පැරෂුට් අත්දැකීමක් මේ තුළින් ලබා ගත හැක.
එම පැරෂුට් පියාසර අත්දැකිමේ ජාත්‍යන්තර තරගාවලියක් 18 වංගුව නැරඹුන් ස්ථානයේ (25) පැවැත්වුණා.
මේ සදහා දකුණු කොරියාව, ඉන්දියාව, නේපාලය, ස්වීට්ලන්තය හා මෙරට ක්‍රීඩකයන් එක්වුණා.
කැන්ඩි පැරග්ලයිඩිං හා රාවණා පැරග්ලයිඩිං මෙම තරගාවලිය සංවිධාන කර තිබුණා.