නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කරයි

එංගලන්තයට යන ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය නම් කරයි
සත්කාරක නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය සඳහා වන 17 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා ටෙස්ට් ක්‍රිකට් සංචිතය නම් කර තිබේ.
දිමුත් කරුණාරත්න මෙහෙයවන කණ්ඩායමට නවක ක්‍රීඩකයින් ලෙස කැඳවා ඇත්තේ, දකුණත් පිතිකරු නිෂාන් මධුෂ්ක සහ වේග පන්දුයවන ක්‍රීඩක මිලාන් රත්නායකයි.
කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ඇන්ජලෝ මැතිව්ස්, ධනංජය ද සිල්වා, නිරෝෂන් දික්වැල්ල සහ චාමික කරුණාරත්න ද සංචිතයට ඇතුළත්ය.
ඕෂද ප්‍රනාන්දු, කමිදු මෙන්ඩිස්, රමේෂ් මෙන්ඩිස්, ප්‍රභාත් ජයසූරිය, කසුන් රාජිත, ළහිරු කුමාර, අසිත ප්‍රනාන්දු සහ විශ්ව ප්‍රනාන්දු මෙම සංචිතයට එක්ව ඇත.
කණ්ඩායම එළැඹෙන 27 වැනිදා නවසීලන්තය බලා පිටත්ව යෑමට නියමිතයි. තරගාවලිය මාර්තු 9 වැනිදා ක්‍රයිෂ්චර්ච් හීදි ආරම්භ කිරීමට සැලසුම් කර ඇත.