මුසාම්මිල්ට රු. ලක්ෂ 42ක් ලබා දීමේ චෝදනාවට මයෝන් මුස්තාෆාට මාස 6ක සිරදඩුවමක්

මුසාම්මිල්ට රු. ලක්ෂ 42ක් ලබා දීමේ චෝදනාවට මයෝන් මුස්තාෆාට මාස 6ක සිරදඩුවමක්
හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයෙකු වන මයෝන් මුස්තාෆා මහතාට කොළඹ මහාධිකරණය මාස 6ක සිරදඩුවම් නියම කළා.
2010 වසරේ පැවති ජනාධිපතිවරණයට ඉදිරිපත් වු ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට සහාය දැක්වීම සදහා පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසාම්මිල් මහතාට රුපියල් ලක්ෂ 42කක මුදලක් ලබා දීමේ චෝදනාවට මයෝන් මුස්තාෆා මහතා වරදකරු කෙරුණා.
ඒ අනුවයි ඔහුට මාස 6ක සිරදඩුවම් නියම කර ඇත්තේ. මීට අමතරව විත්තිකරුට රුපියල් 500ක දඩයක්ද අධිකරණය නියම කළා.
දඩමුදල ගෙවීම පැහැර හරින්නේ නම් අමතරව තවත් මාසයක සිර දඩුවමක් පැන වෙනවා.
වසර 7ක කාලයකට විත්තිකරුගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමට අධිකරණය නියෝග කළා. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍යය පටබැදිගේ මහතා මෙම තීන්දුව ලබා දුන්නා.