මෛත්‍රී අලින් තුන් දෙනෙකු නීත්‍යානුකූල නොවන අයුරින් පැවරීමේ සිද්ධියට අදාලව පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසයට නියෝගයක්

මෛත්‍රී අලින් තුන් දෙනෙකු නීත්‍යානුකූල නොවන අයුරින් පැවරීමේ සිද්ධියට අදාලව පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසයට නියෝගයක්
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝග මත නීත්‍යානුකූල නොවන අයුරින් අලින් තුන් දෙනෙකු පැවරීමේ සිද්ධියක් පිළිබඳ විමර්ශන සිදු කර අධිකරණයට වහාම වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසයට නියම කළා.
වනජීවි දෙපාර්තමේන්තුව භාරයේ සිටි කණ්ඩුල, මංජුල සහ කාංචන යන හස්තීන් තුන්දෙනා නීත්‍යානුකූල නොවන අයුරින් භාර දී ඇති බවයි අධිකරණය හමුවේ ප්‍රකාශ වුණේ.
නීත්‍යානුකූල නොවන අයුරින් අලින් සිය භාරයේ තබාගැනීමේ සිද්ධියකට පෙර වරදකරු බව පිළිගෙන දඬුවම් නියම කළ පුද්ගලයෙකුට එම සත්වයින් භාරදීම සම්බන්ධයෙනුයි විමර්ශන සිදු කරන ලෙස නියෝග කෙරුණේ.
ඒ අනුව අදාළ විමර්ශන සිදු කරන බව පොලිස් විශේෂ විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කළා.
මියන්මාරයේ සිට රුපියල් ලක්ෂ 33කට අලි පැටවෙකු ගෙන්වා දෙන බවට කළ මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනයකදී මෙම සිද්ධිය අනාවරණය වූ බවයි ඔහු පැවසුවේ.
අදාළ අලින් තිදෙනා ලබා දී ඇත්තේ එම නඩුවේ වැරදිකරු බව පිළිගත් තලවතුගොඩ පදිංචිකරුවෙකුට බවද ඔහු සඳහන් කළා.