සැළසුම් කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා මැතිවරණ කොමිශන් සභාවට අවසර

දේශපාලන පක්ෂ 6ක් අක්‍රීය කිරීමට තීරණයක්
සැළසුම් කළ පරිදි පළාත් පාලන ඡන්ද විමසීම පැවැත්වීම සඳහා ශ්‍රේෂ්ඨාධිකරණය මැතිවරණ කොමිශන් සභාවට අවසර ලබාදී තිබෙනවා.
ජනතාවගේ අයිතියක් වන සර්ව ජන ඡන්ද බලය ආරක්ෂා කිරීමේ වගකීම ඇත්තේ මැතිවරණ කොමිෂන් සභාවට වන බවත් මැතිවරණය නිසියාකාරව පවත්වන බවට මැතිවරණ කොමිෂන් සභාව ප්‍රතිඥාවක් ලබා දී ඇති බවත් පෙන්වා දුන් එස්.තුරෙයිරාජා, ඒ.එච්.එම්.ඩී නවාස් සහ ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල ඒ සම්බන්ධයෙන් අධිකරණයට නියෝග නිකුත් කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව දැනුම් දී ඇති බව වාර්තා වනවා.