අපේක්ෂකයකු වියදම් කළ යුතු මුදල සම්බන්ධයෙන් පැෆරල් සංවිධානයෙන් දැනුවත් කිරීමක්

රජයේ තීරණයෙන් රුපියල් ලක්ෂ දස දහසක පාඩුවක් - පැෆරල් සංවිධානය
පළාත් පාලන මැතිවරණයේ දී එක් ඡන්ද දායකයකු වෙනුවෙන් අපේක්ෂකයකු වියදම් කළ යුතු මුදල සම්බන්ධයෙන් සියලු සභිකයන් දැනුවත් කිරීමට පැෆරල් සංවිධානය තීරණය කර ඇත.
මේ සඳහා වන පනත් කෙටුම්පත පසුගියදා පාර්ලිමේන්තුවේ දී අනුමත කරනු ලැබූ අතර ඒ සම්බන්ධයෙන් සියලු අපේක්ෂකයන් දැනුවත් කරන බව පැෆරල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.
මීට අමතරව මෙම උපදෙස් පත්‍රිකා සියලු දේශපාලන පක්ෂවලට ස්වාධීන කණ්ඩායම්වලට ලබාදීමටද කටයුතු කරනු ලබන බවද රෝහණ හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේය.
නියමිත වියදම් සීමාව ඉක්මවා කටයුතු කරන අපේක්ෂකයන්ට එරෙහිව අධිකරණ ක්‍රියාමාර්ග ගත හැකි බව දැනුවත් කරන බවද හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේය.