ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා දකුණු අප්‍රිකාවට

ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම 20-20 ලෝක කුසලාන තරගාවලිය සඳහා දකුණු අප්‍රිකාවට
දකුණු අප්‍රිකාවේ පැවැත්වෙන 20-20 ලෝක කුසලාන තරගාවලියට සහභාගී වීම සඳහා ශ්‍රී ලංකා ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායම (03) අලුයම දිවයිනෙන් පිටත්ව ගියා.
කාන්තා ක්‍රිකට් කණ්ඩායම ක්‍රීඩිකාවන් 15 දෙනෙකුගෙන් සමන්විත වුණා. පුහුණුකරුවන් සහ නිලධාරීන් 10 දෙනෙකුගෙන් සමන්විත පිරිසක් ද සමගින් 25 දෙනෙකුගෙන්යුත් කණ්ඩායම දකුණු අප්‍රිකාව බලා පිටත්ව ගියේ කටුනායක ගුවන්තොටුපොළෙන්. මෙම තරගාවලියේ කාන්තා ක්‍රිකට් කණ්ඩායම ඒ කාණ්ඩය යටතේ තරග වැදීමට නියමිතයි. පළමු තරගය සත්කාරක දකුණු අප්‍රිකා කණ්ඩායම සමග ලබන 10 වනදා පැවැත්වීම නියමිතව තිබෙනවා.