ඩො. මි 4.24ක් වටිනා පාසල් නිල ඇඳුම් චීනය විසින් භාර දෙයි

ඩො. මි 4.24ක් වටිනා පාසල් නිල ඇඳුම් චීනය විසින් භාර දෙයි
චීනය විසින් පරිත්‍යාග කරන ලද අමෙරිකානු ඩොලර් මිලියන 4.24ක් වටිනා පාසල් නිල ඇඳුම් රෙදි කන්ටේනර් 20ක් (13) අධ්‍යාපන අමාත්‍යංශය වෙත භාර දී තිබෙනවා.
ඒ අනුව මෙම වසරේ මෙරට පාසල් සිසුන් සඳහා එම නිල ඇඳුම් ලබා දෙනු ඇති. එය මෙරට පාසල් සිසුන්ගෙන් 70%කගේ නිල ඇඳුම් අවශ්‍යතාවය සපුරනු ඇති බවයි චීන තානාපති කාර්යාලය සඳහන් කළේ.
එසේම ඒවා අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා වෙත භාර දීමද (13) සිදු කෙරුනා.