ගර්භණී මව්වරුන් සඳහා පෝෂණීය ආහාර දීමනාව රු 45,000ක් දක්වා ඉහළට

0
කලල හා ළදරු මරණ ගැන භයානක ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ හෙළිදරව්වක්

කලල හා ළදරු මරණ ගැන භයානක ප්‍රජා සෞඛ්‍ය විශේෂඥවරුන්ගේ සංගමයේ හෙළිදරව්වක්

ගර්භණී මව්වරුන් සඳහා මෙම වර්ෂයේදී රුපියල් 45,000ක පෝෂණීය ආහාර දීමනාවක් ලබාදීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය පවසයි.

රුපියල් 20,000ක් ලෙස ගර්භණී මව්වරුන්ට පෝෂණ දීමනාව ලබාදීමේ වැඩසටහන රුපියල් 45,000ක් ලබාදීමේ වැඩසටහන ලෙස මෙම වසරේදී සංශෝධනය කර ඇති බව එම අමාත්‍යාංශය සඳහන් කළේය.

නව වැඩසටහන මීට පෙර සිදුකළ ආකාරයෙන්ම ගර්භණී සමයේ මාස 6ක කාලයකුත්, කිරිදෙන සමයේ මාස 4 කුත් ලෙස මාස 10ක කාලයක් සඳහා ප්‍රතිලාභ වශයෙන් ලබාදීමට නියමිතය.

එහිදී මාසිකව රුපියල් 4500 බැගින් මාස 10ක කාලයක් සඳහා ගර්භණී මව්වරුන්ට එම පෝෂණ දීමනාව ලබාදීම සිදුකෙරෙන බව කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය සඳහන් කළේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com