ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලි ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට තෙවැනි ස්ථානය

ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලි ලකුණු සටහනේ ශ්‍රී ලංකාවට තෙවැනි ස්ථානය
ශ්‍රී ලංකා කණ්ඩායම අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිල ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතාවලි ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පැමිණ තිබේ.
ඔස්ට්‍රේලියාව සහ දකුණු අප්‍රිකාව අතර (29) අවසන් වූ දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයෙන් අනතුරුව ප්‍රකාශයට පත් කළ ලකුණු සටහනට අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ලකුණු 64ක්ද සමගිනි.
ප්‍රබල ඔස්ට්‍රේලියාව ප්‍රසාද ලකුණූ 132ක් ලබා ගනිමින් ටෙස්ට් ක්‍රිකට් ලෝක ශූරතා ලකුණු සටහනේ පෙරමුණේ පසුවන අතර ප්‍රසාද ලකුණු 99ක් ලබා ඉන්දියාව එහි දෙවන ස්ථානයේ පසුවේ.