නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයින් 5 දෙනෙකු අත්අඩංගුවට
කැලණි ගගේ පහළ හංවැල්ල සහ සමන බැද්ද ප්‍රදේශ ආශ්‍රිතව නීති විරෝධීව වැලි ගොඩදමමින් සිටි පුද්ගලයන් 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ සඳහා යොදා ගත් බෝට්ටු 4ක්, ටිපර් රථයක් සහ උපකරණ රැසක් පොලිස් භාරයට ගැන ඇත. වලාන දූසණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකර ඇත. එමෙන්ම පළායමින් සිටි පුද්ගලයන් පිහිනා ගොස් අත්අඩංගුවට ගැනීමට පොලිස් නිලධාරීන් සමත් වී ඇත.