ඉන්දියාවෙන් ශ්‍රී ලාංකිකයින් සඳහා නැවතත් e-visa බලපත්‍ර නිකුත් කරයි

ශ්‍රී ලාංකිකයින් සඳහා නැවතත් e-visa බලපත්‍ර
ශ්‍රී ලාංකිකයින් සඳහා නැවතත් e-visa බලපත්‍ර නිකුත් කිරීමට ඉන්දියාව තීරණය කර ඇති බවට ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්, ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කර ඇත.
සංචාරක, ව්‍යාපාරික කටයුතු, සම්මන්ත්‍රණ, සමුළු ඇතුළු තවත් කටයුතු සඳහා ඉන්දියාවට යාමට අපේක්ෂා කරන ශ්‍රී ලාංකිකයන් වෙත මෙම පහසුකම විවෘතව පවතී.