ශ්‍රී ලාංකිකයින් ඉතාලිය වෙත රැගෙන යාමේ ජාවාරමක්! ලෙබනනය එහි හුවමාරු මධ්‍යස්ථානය!

ශ්‍රී ලාංකිකයින් ඉතාලිය වෙත රැගෙන යාමේ ජාවාරමක්; ලෙබනනය හුවමාරු මධ්‍යස්ථානයක්
මිනිස් ජාවාරම්කරුවන් විසින් ලෙබනනය හුවමාරු මධ්‍යස්ථානයක් කරගනිමින් නීතිවිරෝධි ලෙස ශ්‍රී ලාංකිකයින් ඉතාලිය වෙත රැගෙන යාමේ ජාවාරමක් පිළිබඳව තොරතුරු වාර්තාවී තිබේ.
විදේශ සේවා නියුක්ති කාර්යාංශය දැනුම්දෙන්නේ ඒ පිළිබඳව තොරතුරු රැසක් ලැබී ඇති බවය. මෙම නීතිවිරෝධි ක්‍රියාවලිය හා අනතුරුදායක බව පිළිබඳව ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය වෙත දන්වා තිබේ.
එසේ අන්තරායකාරී ලෙස ඉතාලිය බලා යාත්‍රා කළ බෝට්ටු කිහිපයක්ම අනතුරට ලක්වී අවතැන් වූ පිරිස අතර, මෙරට පිරිසද සිටින බවයි ඉන් වැඩිදුරටත් පෙන්වා දී ඇත. මෙවැනි ජාවාරම්කරුවන්ට හසුවී තම වටිනා ජීවිතය අනතුරේ නොහෙලන ලෙස කාර්යාංශය ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලීමක් කරයි.
මෙවැනි ජාවාරම් සිදුකරන පුද්ගලයින් පිළිබඳව තොරතුරු දන්නේ නම්, පහත සඳහන් කර ඇති දුරකථන අංක වෙත දැනුම්දෙන ලෙස කාර්යාංශය මහජනතාවට වැඩිදුරටත් දන්වා සිටියි.
පැය 24 තොරතුරු මධ්‍යස්ථානය – 1989 ක්ෂණික ඇමතුම් අංකය
විමර්ශන අංශය – 0112864214