ශ්‍රී ලාංකික ධීවරයින් 11 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට
![මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 34කු නාවික හමුදා භාරයට](https://srihanda.lk/wp-content/uploads/2022/11/ශ්‍රී-ලාංකික-ධීවරයින්.jpg)
මුහුදු සීමාව උල්ලංඝණය කළ ඉන්දීය ධීවරයින් 34කු නාවික හමුදා භාරයට
නීතිවිරෝධී ලෙස ඉන්දීය මුහුදු සීමාවට ඇතුළු වූ බව පවසමින් ශ්‍රී ලාංකික ධීවරයින් 11 දෙනෙකු ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදී සිටි ඉන්දීය වෙරළාරක්ෂක බළකායේ නිලධාරීන් ධීවර යාත්‍රා 2ක සිටි මෙම ධීවරයින් පිරිස අත්අඩංගුවට ගෙන ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ඉන්දියාවේ ශ්‍රීකාකුලම් දිස්ත්‍රික්කයේ කාලිංගපට්නම් සිට නාවික සැතපුම් 175ක් පමණ දුරින් ඉන්දීය සමුද්‍ර කලාපයේ මෙම ධීවරයින් පිරිස මසුන් ඇල්ලීමේ නිරතව සිට ඇති බව සඳහන් වේ.
අත්අඩංගුවට ගත් ධීවරයින් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කාකිනද පොලිස් ස්ථානය වෙත (12) දිනයේ භාරදී තිබේ.
ඔවුන් නිදහස් කරන්නේද එසේත් නැත්නම් රක්ෂිත බන්ධනාගාර ගත කරන්නේද යන්න සම්බන්ධයෙන් ඉන්දීය ධීවර දෙපාර්තමේන්තුව එක්ව සිදුකරන පරීක්ෂණවලින් අනතුරුව තීරණය කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.