ලංකා රජය තවත් ඩොලර් මිලියන 203ක මූල්‍යාධාරයක් ගැනීමට ගිවිසුමක් අත්සන් කරයි

මහ බැංකුව මැයි මාසයේ ඩො. මි 662.50ක ප්‍රමාණයක් මිල දී ගෙන
ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතිය සඳහා ශ්‍රී ලංකා රජය අමෙරිකානු ඩොලර් මිලියන 203ක මූල්‍යාධාරයක් ගැනීමට ගිවිසුමක් අත්සන් තබා තිබේ.
ඒ අනුව ආහාර, දිළිඳු හා අවදානමට ලක් වූවන්ගේ (විශේෂයෙන් කාන්තාවන් සහ ළමුන්) ජීවනෝපායන් ආරක්ෂා කිරීම සඳහා අපේක්ෂා කරන ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා මූල්‍යකරණය කිරීමට ශ්‍රී ලංකා රජය ආසියානු සංවර්ධන බැංකුවෙන් (ADB) ඩොලර් මිලියන 200ක් ණයට ගැනීමට සැලසුම් කර ඇත.
ආසියානු සංවර්ධන බැංකුවේ (ADB) සාමාන්‍ය ප්‍රාග්ධන සම්පත්වලින් එම මුදල ලබා දෙනු ඇත.
ඊට අමතරව, ආසියා සහ පැසිෆික් කලාපය සඳහා වන ජපන් අරමුදල (JFPR) ව්‍යාපෘති ක්‍රියාකාරකම් සඳහා මූල්‍යමය වශයෙන් අමෙරිකානු ඩොලර් මිලියන 3ක ප්‍රදානයක් ලබා දීමට නියමිත ය.
සම්පූර්ණ ව්‍යාපෘති පිරිවැය අමෙරිකානු ඩොලර් මිලියන 203.36ක් ලෙස ඇස්තමේන්තු කර ඇති අතර ඉන් ඇමෙරිකානු ඩොලර් මිලියන 0.36ක් රජය විසින් දරනු ලැබීමට එකඟ වී තිබේ.