නෙදර්ලන්තයේ සිට තැපැල් මඟින් ආ රු. කෝටි තුනක මත්ද්‍රව්‍ය පෙති රේගු අත්අඩංගුවට

නෙදර්ලන්තයේ සිට තැපැල් මඟින් ආ රු. කෝටි තුනක මත්ද්‍රව්‍ය පෙති රේගු අත්අඩංගුවට
නෙදර්ලන්තයේ සිට තැපැල් මගින් එවූ රුපියල් කෝටි තුනකට ආසන්න වටිනාකමින් යුත් ‘මෙතෆෙටමින්’ නැමැති මත්ද්‍රව්‍ය පෙති 2973ක් ශ්‍රී ලංකා රේගුවේ මධ්‍යම තැපැල් හුවමාරු අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා පැවසීය.
නෙදර්ලන්තයේ සිට තැපැල් මඟින් ගණේමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සම්භාහන යන්ත්‍රයක් ලෙස ප්‍රකාශ කරමින් ආනයනය කළ මෙම පාර්සලය පිළිබඳව ඇති වූ සැකයකක් මත යන්ත්‍රය ගලවා පරීක්ෂා කිරීමේ දී ඒ තුළ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබූ මත්පෙති තොගය සොයාගත් බවත් එම මත්ද්‍රව්‍ය තොගයේ වෙළඳපොල වටිනාකම රුපියල් 29,730,000 ක් පමණ බවත් රේගුව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
මේ සම්බන්ධයෙන් මූලික විමර්ශන කටයුතු සිදුකිරීමෙන් අනතුරුව වැඩිදුර විමර්ශන කටයුතු සඳහා මෙම මත්ද්‍රව්‍ය තොගය පොලිසියේ මත්ද්‍රව්‍ය කාර්යාංශයට භාරදුන් බවද රේගු මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා මහතා වැඩි දුරටත් සඳහන් කළේය.