මගී ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන දුම්රිය ගාස්තු ඉහළට

මාස 3ක් ඇතුළත දුම්රිය ඩිජිටල්කරණයෙන් පසු ගාස්තු සංශෝධනයක්
ජූලි (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ දැමීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
එමගින් මගී ප්‍රවාහනය සහ භාණ්ඩ ප්‍රවාහනය සඳහා වන දුම්රිය ගාස්තු සංශෝධනය වනු ඇත. ගාස්තු සංශෝධනයට අනුව බස් ගාස්තුව මෙන් අඩක මුදලක් දුම්රිය ගාස්තුව වන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත.
ඒ අනුව, තෙවන පන්තිය සඳහා අය කරනු ලබන අවම ගාස්තුව රු.20ක් දක්වා ඉහළ දමා තිබේ.