සහාය දිය යුත්තේ පක්ෂයේ අපේක්ෂකයාට මිස පිටස්තර අපේක්ෂකයකුට නොවේ – පොදුජන පෙරමුණේ සභාපති ජී.එල් පීරිස්

0
මැතිවරණ පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රමිතියෙන් තහවුරු නොකළහොත් IMF මූල්‍ය සහයෝගයක් අපේක්‍ෂා කළ නොහැක - පීරිස්

මැතිවරණ පවත්වා ප්‍රජාතන්ත්‍රවාදය ප්‍රමිතියෙන් තහවුරු නොකළහොත් IMF මූල්‍ය සහයෝගයක් අපේක්‍ෂා කළ නොහැක - පීරිස්

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් අපේක්ෂකයකු ඉදිරිපත්ව ඇති බැවින් සහාය දිය යුත්තේ, පක්ෂයේ අපේක්ෂකයාට මිස පිටස්තර අපේක්ෂකයකුට නොවන බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සභාපති මහාචාර්ය ජී එල් පීරිස් මහතා පැවසීය.

පාර්ලිමේන්තුවේ වැඩිම මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි පක්ෂය ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බැවින්, පොදුජන පෙරමුණෙන් ඉදිරිපත් වන අපේක්ෂකයා ජයග්‍රහණය කරවීමට හැකි බවද ඔහු සඳහන් කළේය.

ලබන විසිවැනිදා පැවැත්වෙන ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දයට ඉදිරිපත් වන බව ඩලස් අලහප්පෙරුම මහතා දැනටමත් ප්‍රකාශ කර ඇතැයි කී මහාචාර්ය පීරිස් මහතා ඔහු ඉතා සුදුසු අපේක්ෂකයෙකු බව සඳහන් කළේය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයක් වශයෙන් වෙනත් අපේක්ෂකයෙකුට සහාය දීමට තීරණයක් ගෙන නැතැයිද හෙතෙම කීවේය.

About The Author

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

WP2Social Auto Publish Powered By : XYZScripts.com