Site icon srihanda.lk | Sri Handa News Official Web Site|Sri Lanka News|News Sri Lanka|Online Sinhala News

පැය 72 කින් විසඳුමක් නැත්නම් වෘත්තීය සමිති අරගල බිමට – වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය

පැය 72 කින් විසඳුමක් නැත්නම් වෘත්තීය සමිති අරගල බිමට - වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය

පැය 72 කින් විසඳුමක් නැත්නම් වෘත්තීය සමිති අරගල බිමට - වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානය

රට පත්ව ඇති ව්‍යාකූල තත්ත්වයට කථානායකවරයා ඇතුළු බලධාරීන් පැය 72ක් තුළ ව්‍යවස්ථානුකූල විසඳුමක් ලබාදිය යුතු බවත් එසේ නොවුණ හොත් ලබන 18වැනිදා වන විට සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරයම අරගල බිමට කැඳවන බවත් වෘත්තීය සමිති සම්බන්ධීකරණ මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේෂ් මහතා (14) පැවසීය.

ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගිය කැලෑ නීතියක් වෙනුවෙන් වෘත්තීය කිසිසේත්ම පෙනී නොසිටින බවකී රවී කුමුදේෂ් මහතා වෘත්තීය සමිති ව්‍යාපාරය ලබන 17 වැනිදා යෝජනාවලියක් ඉදිරිපත් කිරීමටද බලාපොරොත්තු වන බවද සඳහන් කළේය.

වෘත්තීය සමිති ව්‍යාපාරයද නියෝජනය කරන අරගල බිමෙන් ඉදිරිපත් කළ ව්‍යවස්ථානුකූල යෝජනා පිළිබඳවත් සැලකිල්ල යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉවත්වීම සෑම අරගල භූමියකම පොදු ඉල්ලීම බවත් කුමුදේෂ් මහතා වැඩි දුරටත් කීය.

Exit mobile version