රාජ්‍ය මුල්‍ය කළමණාකරන කටයුතු සදහා අමෙරිකාවේ තාක්ෂණික සහාය

රාජ්‍ය මුල්‍ය කළමණාකරන කටයුතු සදහා අමෙරිකාවේ තාක්ෂණික සහාය
ශ්‍රී ලංකාවේ රාජ්‍ය මුල්‍ය කළමණාකරන කටයුතු සදහා තාක්ෂණික සහාය ලබා දිමට අමෙරිකාව එක්සත් ජනපදය එකඟ වි තිබේ.
ඒ මෙරටට සංචාරයක නිරත එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියාව සදහා නියොජ්‍ය රාජ්‍ය ලේකම් කෙලී කීඩර්ලින්ග්(kelly keiderling) හා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර පැවැති (27) පැවැති සාකච්ඡාවක දීය.
ශ්‍රී ලංකා රජය හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදල අතර සිදු කරන සාකච්ඡා සදහාද සිය සහායෝගය ලබා දෙන බව අමෙරිකානු රාජතාන්ත්‍රික කාණ්ඩයම ප්‍රකාශ කළේය. අග්‍රාමාත්‍ය කාර්යාලයේ පැවති මෙම සාකච්ඡාව සදහා අමෙරිකා එක්සත් ජනපදයේ ආසියාව සදහා නියෝජ්‍ය සහාකාර භාණ්ඩාගාර ලේකම් රොබට් කැප්රොත් (Robert kaproth) සහා මෙරටට ඇමෙරිකා එක්සත් ජනපද තනාපතිනි ජුලි චැන්ංග්(Julie chung) සහාභගි විය.
මිට අමතරව අග්‍රාමාත්‍ය ලේකම් සමන් එකනායක මහතා සහා අග්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක අචාර්ය ආර්.එච්. එස් සමරතුංග මහතාද සහාභගි විය.
දිවයිනට පැමිණි අමෙරිකානු දෙපාර්තමේන්තුවේ නියෝජිත පිරිස ලබන 29වැනදා දක්වා මෙරට රැඳීසිටීමට නියමිතය.